නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය මත එම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.
ඒ අනුව මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරෙහි රාජකාරි කළ ඩී.එම්.යූ.එම්. දිසානායක මහතා විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්කර තිබෙනවා.
මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි කළ ඩබ්ලිව්.ඒ.ජේ. විශාන්ත මහතාට ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ අගමැති ආක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.
මේ අතර ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අධ්‍යක්ෂ තනතුරෙහි රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.ඒ. චන්ද්‍රසේන මහතා කිලිනොච්චිය හා මුලතිව් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමට පත්කර තිබෙනවා.
පොලිස් මූලස්ථානයේ මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂ ධූරයේ රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්.එච්.එස්. මාසිංහ මහතා මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා පත්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.