මෙම වසර මැද වන විට සහල් හිඟයක් ඇති විය හැකි බව රුහුණු විශ්වවිද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා අනුමාන කරනවා.
ඔහු පැවසුවේ මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න සැලකිය යුතු මට්ටමකින් අඩුවීම හේතුවෙන් එවැනි තත්ත්වයක් නිර්මාණය විය හැකි බවයි.
පවත්නා තත්ත්වය යටතේ ඉදිරියේදී සහල් මිල, පාලන මිල ද ඉක්මවා යනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.
එම තත්ත්වය පාලනය කිරීම සඳහා පවතින බදු අඩු කර සහල් ආනයනය කිරීමට රජයට සිදුවනු ඇති බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.
ගෝඨාභය රාජපක්ෂ පාලන සමයෙහි ක්‍රියාත්මක කළ පොහොර තහනමෙහි ප්‍රතිවිපාක තවමත් අත්විදීමට සිදුවිය හැකි බවද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.