විදේශ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචා කළ කාන්තාවක් ගම්පහ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන ඇය රුපියල් ලක්ෂ 30, 40 සහ 50 වශයෙන් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
ජපානය, නවසීලන්තය සහ ඉතාලිය වැනි රටවල රැකියා ලබාදෙන බව පවසා ඇය මෙම මුදල් වංචා කර තිබෙනවා.
මෙම කාන්තාවට එරෙහිව පැමිණිලි 22ක් මේ වන විට ලැබී ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඇය සතුව තිබී විදෙස් ගමන් බලපත්‍ර 24ක් ද සොයා ගැනුනා.