Tuesday, April 1, 2025

General line - 0115112241

දකුණු කොරියාවේ ලැව්ගිනි පාලනය කිරීමට සුළං තත්ත්වය හේතුවෙන් බාධා



දකුණු කොරියාවේ ගිනිකොණදිග කලාපය පුරා පැතිර යන ලැව්ගිනි පාලනය කිරීමට පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් බාධා එල්ල වී තිබෙනවා.

බලධාරින් විශ්වාසය පළ කරන්නේ අද හෝ හෙට වැසි ඇදහැලෙනු ඇති බවයි.

එහෙත් මිලි මීටර් 05ත් 10ත් අතර සුළු වර්ෂාපතනයක් පමණක් ඇදහැලීමේ සම්භාවිතාවක් ඇති බවටයි කාලගුණ බලධාරින් පවසා ඇත්තේ.

දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 24 දෙනෙකු මේ වන විටත් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අතරින් බහුතරය අවුරුදු 60 සහ 70 යන වයස්වල පසු වූවන්.

පුද්ගලයින් 26 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. ඉන් 12 දෙනෙකුගේ තත්ත්වය බරපතලයි.

තවත් 23,000කට වැඩි පිරිසකට තම නිවාස අතහැර පලා යාමටයි සිදුව ඇත්තේ.

දකුණු කොරියානු ඉතිහාසයේ දරුණුතම ලැව්ගින්න හේතුවෙන් එරට සංස්කෘතිකමය සහ ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් ද විනාශ වී තිබෙනවා.

ඒ අතරට වසර 1,300ක් පැරණි බෞද්ධ විහාරස්ථානයක් ද ඇතුළත්.