2025 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම් සම්බන්ධව ගත වූ පැය 24 තුළ දිවයින පුරා පොලිස් ස්ථානය වෙත පැමිණිලි 11ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
ඒ අනුව හලාවත කොට්ඨාසයේ ආරච්චිකට්ටුව පොලිස් වසමෙන් සහ කුරුණෑගල කොට්ඨාසයේ වැල්ලව පොලිස් වසමෙන් මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 03ක් වාර්තා තිබෙනවා.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව ඉකුත් පැමිණිලි 08 වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.