පෙට්‍රල් මිල අඩු වුවද ත්‍රිරෝද ගාස්තුවේ වෙනසක් සිදු කිරීමට හැකියාවක් නොමැති බව ත්‍රිරෝද රථ හිමියන් පවසනවා.
ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් රෝහණ පෙරේරා මහතා සඳහන් කළේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුවීම කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බවයි.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තා.
ඒ අනුව රුපියල් 309ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කළ අතර, එහි නව මිල රුපියල් 299ක්.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු වූ අතර එහි නව මිල රුපියල් 361ක් ලෙසයි දැක්වෙන්නේ.