ඉකුත් සමයේ චීනය විසින් මෙරට ක්‍රියාත්මක කිරීමට ගොස් අතහැර දැමූ ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට චීන රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා කියා සිටියේ එම ව්‍යාපෘති ද ඇතුළුව තවත් අලුත් ව්‍යාපෘති සමඟ සමස්ත චීන ව්‍යාපෘති 76ක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.
රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති ආකාරය ද ජනාධිපතිවරයා පැහැදිලි කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ බුත්තල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.