දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ - ගැලනිගම දෙසට 25 යි දශම 5 කිලෝමීටර් කණුව අසලදී වාහන කිහිපයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ ලොරි රථයක්, සුඛෝපභෝගි වෑන් රථයක් සහ කාර් රථයක් මෙහිදී එකට ගැටී ඇති බවයි.
මාතර දෙස සිට කොළඹ දෙසට හාල් රැගෙන පැමිණි ලොරි රථයක විදේශිකයන් රැගත් සුඛෝපභෝගී වෑන් රථයක් පළමුව ගැටී තිබෙනවා.
ඒ සමගම පිටුපසින් පැමිණි කාර් රථයක් ද වෑන් රථයේ ගැටී ඇති බවයි පොලීසිය පැවසුවේ.
අනතුරින් විදේශිකයින් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන් ඇතුළත් කර ඇත්තේ කළුතර, නාගොඩ රෝහලටයි.