Thursday, April 3, 2025

General line - 0115112241

PAYE Tax වෙනස්වන ආකාරය පැහැදිලිව මෙන්න



ඉකුත් සමයේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් විදෙස් රටවල් සඳහා ඩිජිටල් සේවා සපයා ලැබෙන ආදායමට සියයට 15ක උපරිමයකට යටත්ව බදු අයකරන සේවා අපනයන බද්ද ද අද සිට ක්‍රියාත්මකයි. 

උපයන විට බදු සීමාව හෙවත් ඡ්ශෑ ඕං සංශෝධනය වීමත් සමඟ මාසිකව එක් ලක්ෂ පනස්දහසක වැටුපක් ලැබූ පුද්ගලයෙකුගෙන් මෙතෙක් අයකල රුපියල් 3,500ක බද්ද අද සිට අය කෙරෙන්නේ නැහැ.

රුපියල් ලක්ෂ දෙකක මාසික වැටුපක් ලැබූ අයෙකු මීට පෙර රුපියල් 10,500ක බද්දක් ගෙවූ අතර ඔහු දැන් ගෙවිය යුත්තේ රුපියල් 3,000ක් පමණයි.

   නව උපයන විට ගෙවීම් බදු

මාසික වැටුප     පෙර බද්ද          නවබද්ද     බදු සහනය
150,000         3,500      අය නොකෙරේ        3,500
200,000        10,500           3,000        7,500
250,000        21,000           8,000       13,000
300,000        35,000          18,500       16,500
400,000        70,000          50,000       20,500
500,000       106,500          86,000       20,500
800,000       214,500         194,000       20,500
1000,000       286,500         266,000       20,500