Tuesday, April 8, 2025

General line - 0115112241

අමෙරිකානු බදුවලට මුහුණදෙන හැටි ගැන ජනපති කතා කරයි



අමෙරිකාව විසින් පනවා ඇති තීරු බදු ගැටලුව විසඳා ගැනීමට හැකි උපරිම පියවර ගනිමින් ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

ජනාධිපතිවරයා සඳහන් කළේ අපේක්ෂිත නොකල මෙම තත්ත්වයට මුහුණ දීමට ආණ්ඩුව සූදානම් බවයි.


මැතිවරණ රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අමෙරිකාව විසින් පනවා ඇති තීරු බදු ගැටළුව විසඳා ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි.


මේ අතර තීරුබදු ගැටලුව පිළිබඳ මෙරට බලධාරින් සහ අමෙරිකානු බලධාරින් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.