Sunday, April 13, 2025

General line - 0115112241

බදු ගැන ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර සාකච්ඡාවක්



තීරුබදු ගැටලුව පිළිබඳ අමෙරිකානු බලධාරින් සමග මෙරට නියෝජිතයින් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

අමෙරිකාවේ නිර්දේශ පරිදි දෙරටේ වෙළඳ පරතරය අවම කර ගැනීම සඳහා වන යෝජනාවලියක් එරට බලධාරින් වෙත එහිදී භාරදීමට කටයුතු කරන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ.


අමෙරිකාවට ශ්‍රී ලංකාව විසින් පනවා ඇති බදු ප්‍රතිශතය පහළ දමන්නේ දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.


අමෙරිකාව විසින් බදු ප්‍රතිශතය ඉහළ දැමීම ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් ද එහිදී අදහස් පළ වුණා.


අමෙරිකාව විසින් පනවා ඇති තීරු බදු ගැටලුව විසඳා ගැනීමට හැකි උපරිම පියවර ගනිමින් ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පැවසුවේ.