Sunday, April 13, 2025

General line - 0115112241

රාජ්‍ය සේවයට අලුතින් තරුණ තරුණියන් 30,000ක්



රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරීන් සහ තරුණ තරුණියන් 30,000ක් බඳවා ගැනීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 

ඒ අනුව මේ වන විට රාජ්‍ය අංශයේ පවතින පුරප්පාඩු සැලකිල්ලට ගනිමින් පළමු අදියර යටතේ නව බඳවා ගැනීම් 18,853ක් සඳහායි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.

ඒ සඳහා රාජ්‍ය සේවයේ විවිධ ආයතනවල කාර්ය මණ්ඩල නැවත සමාලෝචනය කර අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සිදු කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර තිබෙනවා. 

ඒ සඳහා 2025 අයවැය තුළින් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කිරීම පිණිස වූ යෝජනාවටයි මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ.      

ඒ අනුව එකී බඳවා ගැනීම් සඳහා නියමිත බඳවා ගැනීම් පටිපාටිවලට අනුකූලව අයදුම්පත් කැඳවා එකී බඳවා ගැනීම් සිදු කිරීම අදාළ අමාත්‍යංශ විසින් කඩිනමින් පියවර ගත යුතු බවත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබෙනවා.