Sunday, April 13, 2025

General line - 0115112241

කැබිනට් මණ්ඩලයෙන් තීරණයක්



ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිලියන 15ක් මිලදී ගැනීම සඳහා ඉදිරිපත්කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. 

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා සුහුරු කාඩ්පත් භාවිත කිරීම ආරම්භ කළේ 2017 වර්ෂයේදීයි.

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය මඟින් හඳුන්වා දී ඇති නව ක්‍රමවේදය යටතේ වයස අවුරුදු 15 සම්පූර්ණ වූ සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා 

ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පතක් නිකුත් කළ යුතු වනවා. 

ශ්‍රී ලාංකික පුරවැසියන් නැවත ලියාපදිංචි කර නව හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා කාඩ්පත් මිලියන 17ක පමණ අවශ්‍යතාවක් පවතින බව හඳුනා ගනු ලැබ තිබෙනවා.

ඒ අනුව, එම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් පොලිකාබනේට් කාඩ්පත් මිලියන 15ක් මිලදී ගැනීම පිණිසයි ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.