එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ වනවා.
ඒ සඳහා විශේෂ බස් රථ සේවා යෙදවීමටයි ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර ඇත්තේ.
ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා පැවසුවේ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් බස් රථ 500ක් සූදානම් කර ඇති බවයි.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ලබන 13 වනදා දහවල් වනතුරු බස් රථ ධාවනයට එක්කරන බවයි.
අවුරුදු සමය වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ද විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනයට එක් කිරීමටයි කටයුතු කර ඇත්තේ.