Sunday, April 13, 2025

General line - 0115112241

ඉරිදා ටියුෂන් තහනම් කරනවාද - තීරණයක් ගන්න සාකච්ඡා



ඉරිදා දිනවල උපකාර පන්ති පවත්වනවා ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අදාළ පාර්ශව සමග සාකච්ඡා කරමින් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. 

ඒ, පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා යොමුකල ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්. 

ඊට ප්‍රතිචාර දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ඉරිදා දිනවල උපකාර පන්ති තහනම් කරන ලෙස පාර්ශව රැසකින් ඉල්ලීම් ලැබී ඇති බවයි.

මේ අතර අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට අදාළ විවාදයට එක්වෙමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අදහස් පළ කළා.

පාර්ලිමේන්තුව අදත් රැස්වීමට නියමිතයි.