අමෙරිකානු තීරුබදු හේතුවෙන් ශ්‍රී ලංකාවට වන බලපෑම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට දිනයේ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව හෙට පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වෙනු ඇති.
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට සියයට 44ක බද්දක් පනවනු ලැබුවා.