සිය රටෙහි සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනා කර තිබෙනවා.
දෙවන ලෝක යුද්ධයේ දී ජර්මනියට එරෙහිව ජයග්‍රහණය කිරීමේ 80වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන උත්සවය සඳහා රුසියානු ජනාධිපතිවරයා එලෙස ආරාධනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
අදාළ සැමරුම් උත්සවය මැයි 09 වනදා පැවැත්වීමට නියමිතයි.
ඊට රුසියාවට මිත්‍ර රටවල් කිහිපයක නායකයින්ද සහභාගී වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.
පසුගිය වසරේදීද ඉන්දීය අගමැතිවරයා රුසියාවේ සංචාරයක නිරත වුණා.
එහිදී රුසියානු ජනාධිපතිවරයාට ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට මෝදි අග්‍රාමාත්‍යවරයා ආරාධනා කර තිබෙනවා.
එම ආරාධනය රුසියානු ජනාධිපතිවරයා පිළිගෙන තිබුණද ඉන්දියාවේ සංචාරයේ නිරත දිනයන් මෙතෙක් ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ.