පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තවත් මැතිවරණ පැමිණිලි 05ක් ලැබී ඇති බව පොලීසිය පවසනවා.
ඒ, අද උදෑසන 06න් අවසන් වූ පැය 24 තුළයි. එම පැමිණිලිවලින් තුනක්ම ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළවයි.
සෙසු පැමිණිලි දෙක අපරාධමය පැමිණිලි බවයි පොලීසිය පැවසුවේ.
මැතිවරණ පැමිණිලිවලට අදාළව එක් ආධාරකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය මාර්තු තුන්වන දින සිට අද උදෑසන 06 දක්වා කාලය තුළ පොලීසිය වෙත ලැබී ඇති සමස්ත පැමිණිලි ගණන 128ක්.
එම පැමිණිලිවලට අදාළව පුද්ගලයින් 65 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.