Sunday, April 13, 2025

General line - 0115112241

උත්සව සමයේ ජනතාවගේ ආරක්‍ෂාවට පොලිස් නිලධාරීන් 35,000ක්



සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසනවා. 

ඒ අනුව අලුත් අවුරුදු උදාවත් සමග මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන අවුරුදු උත්සව, සංගීත සංදර්ශන, සැණකෙළි ඇතුළු උත්සවවලදී එම විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි පොලීසිය පැවසුවේ. 

එමෙන්ම එම කාලය තුළ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මකයි. 

උත්සව සමයේ මහජනතාව විශාල වශයෙන් ගැවසෙන කොළඹ කොටුව, ගාලු මුවදොර, බොරැල්ල, කිරුලපන හා බම්බලපිටිය ප්‍රදේශවලට මෙන්ම ආගමික ස්ථාන පිහිටි ප්‍රදේශවලට මහජනයාගේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6,000කට අධික ප්‍රමාණයක් යොදවා තිබෙනවා. 

දිවයින පුරා උත්සව සමයේ මහජනතාවගේ ආරක්‍ෂාව සහ රථවාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරීන් 35,000කට අධික පිරිසක් යෙදවීමට නියමිත බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පැවසුවා.