Sunday, April 13, 2025

General line - 0115112241

අවුරුදු නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා අද සිට

නිරෝෂන



සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාව සඳහා විශේෂ ප්‍රවාහන සේවා අද සිට ක්‍රියාත්මක වනවා. 

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ අද හෙට සහ අනිද්දා යන දින තුන තුළ විශේෂ දුම්රිය 10ක් ධාවනයට එක් කර ඇති බවයි.  

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා.

අප්‍රේල් 14වන දින උදෑසන දක්වා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී ධාවන පී එච් ආර් ටී චන්ද්‍රසිරි මහතා පැවසුවේ.  

නොනගත කාලය උදා වන තෙක්ම දුර ගමන් සේවා බස් රථ ධාවනයට යෙදවීමට සැලසුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවා.