Sunday, April 13, 2025

General line - 0115112241

දළදා දැක්මට මහනුවරට එන ජනතාව වෙනුවෙන් පහසුකම් සැලසෙන හැටි



ලබන 18 වනදා ආරම්භ වන සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල මහතා පවසනවා. 

දළදා වන්දනාව පැවැත්වෙන කාල වකවානුව තුළ විශේෂ රථවාහන සැලසුමක් මහනුවර නගරය තුළ ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇති බවයි මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.  

මහනුවර මහනගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මියද එම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.