Sunday, April 13, 2025

General line - 0115112241

නීතිවිරෝධී කහ තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට



නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ වියළි කහ තොගයක් සමග සැකකරුවෙක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. 

ඒ, කල්පිටිය, නොරෝච්චෝලේ දළුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි. 

එහිදී වියළි කහ කිලෝග්‍රෑම් 1,142යි ග්‍රෑම් 700ක ප්‍රමාණයක් සොයාගත් බවයි නාවික හමුදාව පැවසුවේ. 

උර 31ක අසුරා අදාළ කහ තොගය කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදීයි සැකකරු එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. 

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන මදුරන්කුලිය ප්‍රදේශයෙහි පදිංචිකරුවෙක්. 

සැකකරු සම්බන්ධ වැඩිදුර විමර්ශන කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදුන් බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.