Sunday, April 13, 2025

General line - 0115112241

මැතිවරණ පැමිණිලි දහස ඉක්මවයි



පාලාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වන විට පැමිණිලි 1,121ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඊයේ පස්වරු 04යි 30න් අවසන් වූ ගතවූ පැය 24 තුළ පැමිණිලි 75ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. 

ඉන් පැමිණිලි 73ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළවයි. 

අනෙක් පැමිණිලි 02 වෙනත් පැමිණිලි යටතේ ලැබී තිබෙනවා. 

ඒ අනුව මේ දක්වා ලැබී ඇති පැමිණිලි අතරින් 996ක් විසඳා ඇති බවයි එම කොමිසම පැවසුවේ. 

සෙසු පැමිණිලි 125 සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවා.