විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදීයි.
එම පුද්ගලයා ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
සැකකරු රැගෙන ආ ගමන් මලු තුළ තිබී විදේශීය නිෂ්පාදිත දුම්වැටි 15,000ක් අඩංගු දුම්වැටි කාටූන් 75ක් සොයාගත් බවයි ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පැවසුවේ.
එලෙස සොයාගත් දුම්වැටිවල වටිනාකම රුපියල් විසි දෙලක්ෂ පනස් දහසක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා ගම්පහ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.