Sunday, April 13, 2025

General line - 0115112241

බක් පුර පසළොස්වක පොහොය අදයි - නෙත් ශ්වේත පූජා හැලුම්මහර බවුන්සෙත් පින්බිමේදී



සම්බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ බක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. 

බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය අද වැනි බක් පුර පසළොස්වක පොහෝ දිනයක සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා. 

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ රජරට විශ්වවිද්‍යාලයේ මහචාර්ය පූජ්‍ය ඔලගංවත්තේ චන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ. 


සිදුහත් කුමරුන් සතර පෙරනිමිතිවල පළමු පෙරනිමිත්ත දැකීමද බක් පුර පසළොස්වක පොහෝ දිනයක සිදුව ඇති බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා. 


මේ අතර නෙත් එෆ් එම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන දෙකටන - හැලුම්මහර බවුන්සෙත් මානසික සුව සෙවනේ සිට අද දිනය පුරා ක්‍රියාත්මක වනවා. 

 

V