Saturday, April 12, 2025

General line - 0115112241

අල්ලස් කොමිසමෙන් රනිල්ට කළ කැඳවීම ගැන අනුර කතා කරයි



අපරාධකරුවන්ට ආරක්ෂා වීමට වත්මන් ආණ්ඩුව යටතේ කිසිදු ඉඩක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

මඩකලපුව ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා එහිදී අදහස් පළ කළා.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ආණ්ඩුවේ සංවර්ධන වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රාදේශීය සභාවල බලය ජාතික ජනබලවේගයට ලබාදිය යුතු බවයි.