අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අති විශේෂ නියෝජිත ස්ටිව් විට්කොෆ් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් හමුවී තිබෙනවා.
ඒ, යුක්‍රේන යුද්ධය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.
ශාන්ත පීටර්ස්බර්ග්හීදී අමෙරිකානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතවරයා රුසියානු ජනාධිපතිවරයා හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ඔවුන් දෙදෙනා අතර සාකච්ඡාව පැය 04කට අධික කාලයක් පවත්වා ඇති බවද එම වාර්තාවල සඳහන්.
අමෙරිකානු ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු රුසියානු ජනාධිපතිවරයා හමුවන්නේ යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් සටන් විරාම ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා සාකච්ඡාවක් මතුවී ඇති පසුබිමකයි.