පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ දක්වා කාලය තුළ පැමිණිලි 1,206ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඉකුත් මාර්තු මස 20 වනදා සිට ඊයේ පස්වරු 04.30 දක්වා කාලය තුළ එම පැමිණිලි ලැබී ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් අද නිකුත් කෙරුණු මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ.
ප්‍රචණ්ඩ ක්‍රියා 06ක්, නීති උල්ලංඝණය කිරීම් 1,145ක් සහ වෙනත් පැමිණිලි 55ක් ඒ අතරට අයත්.
මේ අතර ඊයේ පස්වරු 04.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ පමණක් නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණිලි 83ක් සහ වෙනත් පැමිණිලි 02ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂම සඳහන් කළේ.
ලැබී ඇති පැමිණිලි 1,206 අතරින් 1,048ක් විසඳීමට පියවර ගෙන ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.