Sunday, April 13, 2025

General line - 0115112241

WhatsApp හදිසියේ බිඳ වැටෙයි



මෙටා සතු ජනප්‍රිය පණිවිඩකරණ යෙදුමක් වන වට්සැප් යෙදුම පරිශීලකයින්  හට බාධා එල්ල වී තිබෙන බව වාර්තා වනවා 

බොහෝ දෙනෙකුට පණිවිඩ යැවීමට හෝ ඔවුන්ගේ තත්ත්වය යාවත්කාලීන කිරීමට නොහැකි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වෙබ් අඩවිය පුරා පරිශීලක-වාර්තා කරන ලද දෝෂ එකතු කිරීමෙන් ඇනහිටීම් නිරීක්ෂණය කරන වේදිකාවක් වන DownDetector ට අනුව එරට වේලාවෙන් සවස 5:13 වන විට වට්සැප් වෙත එරෙහිව පැමිණිලි 463 කට වඩා ලැබී තිබෙනවා 

පැමිණිලි වලින් වැඩි ප්‍රමාණයක්, එනම් 80% කට වඩා, පණිවිඩ යැවීමේ ගැටළු සමඟ සම්බන්ධ වි ඇති අතර පරිශීලකයින්ගෙන් 15% ක් පමණ යෙදුම තුළම ගැටළු වාර්තා කර තිබෙනවා.

තවද  4% ක් වට්සැප් තුලට ඇතුල් වීමේදී ගැටළු අත්විඳ ඇති බවයි DownDetector වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ 

මෙම බිංද වැටීම පිළිබඳව වට්සැප් සමාගම නිල ප්‍රකාශයක් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

පෙබරවාරි අග දී ලොව පුරා බොහෝ පරිශීලකයින්ට වට්සැප් යෙදුම නිසි ලෙස භාවිතා කිරීමට නොහැකි ලෙස බිඳවැටීමකට ලක්වී තිබුනා  
.
මේ හේතුවෙන්  ඩිජිටල් සේවාවන්, බිල්පත් ගෙවීම් සහ ව්‍යාපාරික ගනුදෙනු වලට බාධා එල්ල වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ