තම පවුල සමඟ ලැබු වා වූ අලුත් අවුරුද්ද සාමකාමීව, සතුටින් සමරන ලෙස අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන් පවසනවා.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ සියලු පුද්ගලයන් සතුටින් සාමකාමීව නව වසරේ වැඩ ආරම්භ කළ යුතු බවයි.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් උන්වහන්සේ මේ බව පැවසුවා.
අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් මල්වතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් සඳහන් කළේ වෛරය අමතක කරමින් මිතුරුදම් ඇතිකර ගනිමින් උදා වූ නව වසර සියලු රට වැසියා සැමරිය යුතු බවයි.