Tuesday, April 22, 2025

General line - 0115112241

ඡන්ද පත්‍රිකාවලින් සියයට 70ක් මේ වන විට මුද්‍රණය කර අවසන්



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකාවලින් සියයට 70ක් මේ වන විට මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසනවා. 

සියලු ඡන්ද පත්‍රිකා මෙම මස 30 වනදා වන විට මුද්‍රණය කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදීමට සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 
 

මේ අතර මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පැවැත් වූණා. 

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා.