ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව ආඝාත තත්ත්වයක් මත ඇති වූ හෘදයාබාධයක් බවට වතිකානය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කාදිනල්හිමිවරුන්ගේ මණ්ඩලය අද රැස්වීමට නියමිතයි.
මේ අතර ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් වතිකානයේ වැඩබලන ප්‍රධානියා ලෙස ඇමරිකාවේ කෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන් පත් කර තිබෙනවා.
ඒ අනුව මීළග පාප් වහන්සේ පත්කර ගන්නා තුරු ෆැරල් කාදිනල් හිමිපාණන් එම ධූරයේ කටයුතු කරනු ඇති.
නව පාප්වහන්සේ තෝරා පත්කර ගනු ලබන්නේ දින 15යි 20යි අතර කාලයකින් පසුවයි.
දැනට ධුර දරන කාදිනල්වරු 252 දෙදෙනා අතරින් සුදුසුකම් ලැබූ කාදිනල්වරු 138 දෙනෙකුගේ ඡන්දයෙන් නව පාප්වහන්සේ තෝරා පත්කර ගැනීමට නියමිතයි.