“සිරි දළදා වන්දනාව” සඳහා කිසිදු VIP හෝ VVIP පහසුකම් ලබාදීමක් සිදුව නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඒ, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
“සිරි දළදා වන්දනාව” සඳහා ලබාදී ඇති කාලය තවත් දින කිහිපයක් දීර්ඝ විය හැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මේ අතර සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන්ට පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙස ජනාධිපති මාධ්‍ය අංශය ඉල්ලීමක් කරනවා.
ඒ, “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන වෙනුවෙන්.
දළදා මාළිගය අවට පරිසරයේ පවිත්‍රතාවය රැක ගැනීම පිළිබඳ උපරිම අවධානය යොමු කරන ලෙසත්, කැළිකසළ අදාළ ස්ථානවලටම පමණක් බැහැර කිරීම වෙනුවෙන් සාමුහිකව මැදිහත් වෙමින් පුරවැසියන් ලෙස වගකිම ඉටු කරන ලෙසත් ඉල්ලා තිබෙනවා.