Tuesday, April 22, 2025

General line - 0115112241

ශිෂ්‍යත්ව ගුරුවරියට ආරක්ෂාව දීමේදී වරදක් සිදුව ඇතැයි ආණ්ඩුව පිළිගනී



කිසියම් පුද්ගලයෙකුගේ ප්‍රතිරූපය නංවාලීම සඳහා පොලිස් නිලධාරින් යොදවා ගැනීමට කිසිලෙසකින් හෝ ඉඩ නොතබන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. 

ඒ, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසුන් ඇගයීම සඳහා ඉකුත් අප්‍රේල් 17 සහ 18 යන දිනයන්හීදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක් සඳහා ආරක්ෂාව ලබාදීමට ගත් පියවර පිළිබඳ මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින්.


පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසුන් ඇගයීම සඳහා ඉකුත් අප්‍රේල් 17 සහ 18 යන දිනයන්හීදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය සඳහා ආරක්ෂාව ලබාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය කළ දැනුම් දීමක් අනුව බව නෙත් නිවුස් පළමු වරට අනාවරණ කළා. 

අදාළ උත්සවයට සිසුන් සහ ඔවුන්ගේ මව්පියන් 30,000කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වීමට නියමිත බැවින් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය ආරක්ෂාව සලසා දෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය ඉකුත් 08 වනදා ලිපියක් මඟින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.