ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදුකරන බව අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ, ශාන්ත පීතර බැසිලිකාවේදීයි.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ උන්වහන්ගේ අවමංගල කටයුතු වඩාත් සරලව සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.
ඒ, ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභිමතය පරිදියි.
සාමාන්‍යයෙන් පාප්වරයෙකුගේ අවමංගල කටයුතු වඩාත් විචිත්‍රවත්ව හා සාම්ප්‍රදායිකව සිදු කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙතෙක් සිටි සෑම පාප් වහන්සේවරයෙක්ම මිහිදන් කිරීමට සයිප්‍රස්, ඊයම් සහ ඕක්වලින් සෑදු මිනීපෙට්ටි භාවිත කළත්, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉල්ලා ඇත්තේ සින්ක්වලින් ආවරණය කළ සරල ලී පෙට්ටියක් බහා තමන් මිහිදන් කරන ලෙස බවද වැඩිදුරටත් වාර්තා වනවා.
මහජන ප්‍රදර්ශනය සඳහා පාප් වහන්සේගේ දේහය උස් වේදිකාවක් මත තැබීමේ සම්ප්‍රදාය ද උන්වහන්සේ අහෝසි කර ඇතැයි සඳහන්.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්ත මත දේහය මිහිදන් කිරීමට නියමිතව ඇත්තේ උන්වහන්සේ වඩාත් ප්‍රිය කළ රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේ වීමද විශේෂත්වයක්.
ඒ, සියවසකට අධික කාලයක් පැවති සම්ප්‍රදාය පවා වෙනස් කරමින්.