Thursday, April 24, 2025

General line - 0115112241

දළදා වන්දනාව වසරක් පාසා පවත්වන්නැයි යෝජනාවක්

කමල් සුරවීර



නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. 

ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියේ සිරි දළදා වන්දනාව වෙනුවෙන් මේ වනවිටත් ලක්ෂ 04කට වඩා වැඩි සැහැදැවතුන් පිරිසක් මහනුවර නගරයට එක්රොක් වී සිටින බැවින් මෙම තීරණය ගත් බවයි.


මේ අතර මහනුවර වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අද පෙරවරුවේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්වුණා.

මේ, ඊට එක්වූ මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා.


මේ, එම මාධ්‍ය හමුවට එක්වූ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා. 

 

මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය සරත් අබේකෝන් මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමට අදාළව යෝජනාවක් මහනායක ස්වාමීන් වහන්සේලාට සහ දියවඩන නිළමේවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි. 


මහනුවර නගරයේ මේ වන විට පවතින තත්ත්වය පිළිබඳ මෙම වාර්තාව එම ස්ථානයේ රැඳී සිටින නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීරගෙන්. 


මේ අතර ‘සිරි දළදා වන්දනාව‘ වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය අද සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා නෙත් නිවුස් වෙත පැවසුවා.