සිය රටේ සිටි පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයින් රටෙන් නෙරපා හැරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.
ඒ, ඉන්දීය පරිපාලන පවතින කාශ්මීරයේදී සංචාරකයින් 26 දෙනෙකුට මරු කැඳවූ ප්‍රහාරයකින් පසුවයි.
වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාව විසින් පකිස්ථානය දේශසීමා හරස් මාර්ගය ද වසා දැමුණා.
දෙරටට වැදගත් ජල බෙදාගැනීමේ ගිවිසුමද අත්හිටුවීමටයි ඉන්දියාව පියවර ගෙන ඇත්තේ.
ඉන්දියාව විසින් පකිස්ථාන ජාතිකයින් සඳහා වීසා නිදහස් කිරීමේ යෝජනා ක්‍රමය ද අවලංගු කර තිබෙනවා.
මෙම යෝජනා ක්‍රමය යටතේ කලින් නිකුත් කරන ලද වීසා ද අවලංගු කර ඇති අතර දැනට ඉන්දියාවේ සිටින පාකිස්තාන ජාතිකයින්ට පැය 48ක් ඇතුළත රට හැර යන ලෙසයි නියෝග කර ඇත්තේ.
මේ අතරතුර ඉන්දියාව ගත් පියවර සඳහා ප්‍රතිචාර දැක්වීමට පාකිස්තානය විසින් ජාතික ආරක්ෂක රැස්වීමක් ද කැඳවා තිබෙනවා. කෙසේවෙතත් මෙම ප්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි මෙතෙක් තහවුරු වී නැහැ.