Thursday, April 24, 2025

General line - 0115112241

රථ වාහන වැරදි සිදු කරන රියදුරන් අල්ලන්න සෑම නගරයකම CCTV



රථ වාහන වැරදි සිදු කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරියේදී සෑම ප්‍රධාන නගරයකම CCTV කැමරා සවිකිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ මෙම ක්‍රමවේදය හරහා වැරදි කරන අවස්ථාවේ රියදුරන්ට දඬුවම් පැමිණවීමක් සිදු කිරීමට නොහැකි වුවද වීඩියෝ දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔවුන්ට දඬුවම් නියම කරන බවයි. 


කොළඹ නගරය ආශ්‍රිතව ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අදාළව රථ වාහන වැරදි සිදුකළ රියදුරන් 4,000කට වැඩි පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.