Friday, April 25, 2025

General line - 0115112241

අරමුණු ඉටු කිරීමට සහය නොදෙන රාජ්‍ය නිලධාරීන් වෙනස් කරන බව ජනාධිපති කියයි



ජන වරම අපේක්‍ෂා කළ අරමුණු ඉටු කිරීමට සහය නොදෙන රාජ්‍ය නිලධාරීන් වෙනස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

ඒ, ජාතික ජන බලවේගයේ රත්නපුරේ පැවති ජන රැළිය අමතමින්. 


වත්මන් ආණ්ඩුව යටතේද සොරකම් සිදුවෙමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. 

ඒ, සමගි ජන බලවේගයේ ජන රැළියකට එක්වෙමින්. 


රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් දැන් ගැටලුවක් පවතින බව හිටපු අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. 

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ ජන රැළියකට එක්වෙමින්. 

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි පරික්‍ෂණ සිදුවෙමින් ඇති බවයි. 

ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.