Wednesday, May 28, 2025

General line - 0115112241

විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා මහජන අදහස් විමසීමේ දෙවන අදියර අද



විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් මහජන අදහස් විමසීමේ දෙවන අදියර අද පැවැත්වෙනවා. 

එහි පළමු අදියර ඉකුත් 23 වනදා සබරගමු පළාත කේන්ද්‍ර කර ගනිමින් රත්නපුර දිස්ත්‍රික්කයේදී පැවැත්වුණා. 

ඒ අනුව එහි දෙවන අදියර අද පැවැත්වෙන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සහ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින්. 

විදුලි ගාස්තු සංශෝධනය සඳහා වන මෙම සැසියේදී මහජනතාවගෙන් වාචික අදහස් ලබා ගැනීම සිදු වන බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ - ආයතනික සන්නිවේදන ජයනාත් හේරත් මහතා පැවසුවේ. 

වාචික අදහස් දැක්වීමේ සැසි 09 අවසන් වූ පසු ඉදිරියට ක්‍රියාත්මක වන විදුලි ගාස්තු සහ ඊට අදාළ කොන්දේසි සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව ජූනි  06 වනදා ප්‍රකාශයට පත් කරන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ - ආයතනික සන්නිවේදන ජයනාත් හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.