Friday, April 26, 2024

General line - 0115112241

SSP 14කට DIG පත්වීම්




ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කරමින් පත්වීම් ලිපි ප‍්‍රදානය අද (05) සිදුකෙරෙනවා.

අජිත් රෝහණ, වසන්ත වික‍්‍රමසිංහ, පද්මලාල් සඳුන්ගහවත්ත, චම්පික සිරිවර්ධන සහ ප‍්‍රියන්ත ජයකොඩි යන මහත්වරුන් මෙලෙස උසස් වීම් ලබන කිහිපදෙනෙක්.

නිමල් පෙරේරා, මර්වින් වික‍්‍රමසිංහ, ග්‍රෙගරි කුරේ, ආර්.එන්. වැලිකන්න සහ ආර්.එල්. රණවීර යන මහත්වරුන් ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ සිට නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස අද (05) උසස් වීම් ලබනවා.

කේ.බී. මහගෙදර, එම්.බී. ඇල්ලෙපොල, ඬේවිඞ් ගජසිංහ සහ පාලිත ප‍්‍රනාන්දු යන මහත්වරුන් මෙලෙස උසස්වීම් ලබන අනෙක් අයයි.

පොලිස්පතිවරයාගේ නිර්දේශයට අනුව ජාතික පොලිස් කොමිසම විසින් මෙම උසස් වීම් ලබා දී තිබෙනවා.