Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙක් පැරා ඔලිම්පික් අවසන් තරගයකට




මෙවර රියෝ පැරා ඔලිම්පික් ක‍්‍රීඩා උළලේ මීටර් 200 ටී 42 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයින් දෙදෙනෙකු ඊයේ (11) සමත් වුණා.

මූලික වටයේ දී සිව්වන ස්ථාන හිමිකර ගනිමින් මෙලෙස අවසන් තරගයට පිවිසියේ අනිල් ප‍්‍රසන්න ජයලත් සහ උපුල් ඉන්දිකයි.

ඔවුන් දෙදෙනා සහභාගී වන අවසන් තරගය අද (12) පැවැත්වෙනවා.

මේ අතර මීටර් සියය හතර පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයට ද ශ‍්‍රී ලංකාව අද (12) සහභාගී වනවා.

එහිදී ශ‍්‍රී ලංකාව නියෝජනය කරන්නේ උපුල් ඉන්දික, දිනේෂ් ප‍්‍රියන්ත, අනිල් ප‍්‍රසන්න ජයලත් සහ අජිත් ප‍්‍රසන්න කුමාරයි.

මේ අතර පැරා ඔලිම්පික් ක‍්‍රීඩා උළලේ පිරිමි රෝද පුටු ටෙනිස් කේවළ ඉසව්වේ තුන්වන වටය පිළිබඳ ශ‍්‍රී ලංකාවේ උපාලි රාජකරුණා තැබූ බලාපොරොත්තු ඊයේ බිඳවැටුණා. ඒ, දෙවැනි වටයේ දී බි‍්‍රතාන්‍ය ක‍්‍රීඩකයෙකු හමුවේ වට දෙකට බිංදුවක් ලෙස පරාජය වීමත් සමගයි.

14302825_10210644947226179_531096754_n

රියෝ පැරා ඔලිම්පික් ක‍්‍රීඩා උළලේ පදක්කම් සටහනේ මේ වනවිට චීනය පෙරමුණ ගෙන සිටිනවා. ඒ රන් පදක්කම් 39 ක්, රිදී පදක්කම් 30 ක් සහ ලෝකඩ පදක්කම් 23 ක් දිනා ගනමින්.

පදක්කම් සටහනේ දෙවන ස්ථානය රන් පදක්කම් 23 ක් දිනූ බි‍්‍රතාන්‍යයට හිමිව තිබෙනවා. රන් පදක්කම් 18 ක් දිනා ගනිමින් තුන්වන ස්ථානයේ පසුවන්නේ යුක්රේනයයි.

14284831_10210644974226854_1922565884_o14315681_10210644974186853_886625238_o

අනිල් ප‍්‍රසන්න ජයලත් සහ උපුල් ඉන්දික සහභාගී වූ තරග දෙක පහතින් බලන්න