Friday, April 26, 2024

General line - 0115112241

හිටපු එස්. ටී. එෆ්. ලොක්කන් දෙදෙනෙක් ගැන විශේෂ පරීක්ෂණයක්




පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිලධාරීන් දෙදෙනෙකු වන නියෝජ්‍ය පොලිස්පති කේ. සරත්චන්ද්‍ර හා රංජිත් පෙරේරා සිදු කළ බව කියන අයථා ක‍්‍රියා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින්.

එක් නිලධාරියෙකුට එල්ල වී ඇති චෝදනාව වන්නේ සුඛෝපභෝගී ජිප් රථයක් හා සෙබළුන් තිදෙනෙකු, ඔහු විශ‍්‍රාම යාමෙන් පසුව ද සිය පෞද්ගලික අවශ්‍යතා සඳහා යොදවාගෙන ඇති බවටයි. ඔහු විශ‍්‍රාම යාමෙන් පසු අදාළ ජිප් රථය වසර පහක් භාවිත කර ඇති බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

අනෙක් නිලධාරියාට එල්ල වී ඇති එක් චෝදනාවක් වන්නේ දොම්පේ ප‍්‍රදේශයේ දී කැළණි ගඟේ මැණික් ගැරීමේ සිද්ධියක්.

අවිස්සාවේල්ල ඇහැලියගොඩ මායිමේ ද මැණික් ගැරීමේ කටයුතු සඳහා මෙම නිලධාරියා සම්බන්ධ වී ඇති බව හෙළිකර ගැණුනා.

එමෙන්ම මෙම නිලධාරීන් දෙදෙනාම රත්තරන් තිලක් සහ කුඩු ලාල් යන පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වා ඇති බව ද අනාවරණ වී තිබෙනවා.