Friday, April 26, 2024

General line - 0115112241

වැඩවර්ජනයෙන් කම්කරු නඩු විසිතුන් දහසක් කොටඋඩ




රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය කි‍්‍රයාත්මක කරන වැඩවර්ජනය හේතුවෙන් කම්කරු නඩු විසිතුන් දහසක කටයුතු අඩාල වී තිබෙනවා.

වැඩවර්ජනය ක‍්‍රියාත්මක වන සමයේ කිසිදු කම්කරු නිලධාරියෙකු එම කටයුතු සඳහා පෙනී සිට නොමැති බව සඳහන්.

රාජ්‍ය සේවා කම්කරු නිලධාරී සංගමයේ ලේකම් ලලිත් ජයසිංහ කියා සිටියේ කම්කරු කාර්යාලයට පැමිණෙන ජනතාවට ලබාදෙන සේවා රැසක් බිඳ වැටී ඇති බවයි.

සිය ඉල්ලීම්වලට මෙතෙක් විසඳුම් නොලැබීම හේතුවෙන් අද (19) දිනයේ විරෝධතා ව්‍යාපාරයක ද නිරත වන බවයි ලේකම්වරයා සඳහන් කළේ.

මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයට අද සිට සහය ලබාදීමට සහකාර කම්කරු කොමසාරිස්වරුන්ගේ සංගමය ද තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් ද සුදානම් වන්නේ ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමටයි. මෙම කම්කරු වර්ජනයට දැනට දින 12ක් ගත වී අවසන්.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කම්කරු අමාත්‍ය ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න පැවසුවේ ඉල්ලීම්වලට මාස 03 ක් තුළ විසඳුම් ලබාදීමට සූදානම් බවයි. එබැවින් තමා විශ්වාස කර සේවයට වාර්තා කරන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ.