Friday, April 26, 2024

General line - 0115112241

උගත් ලාංකිකයන් රට තුළම රඳවා ගන්න අගමැතිගෙන් සැළැස්මක්




උගත් ශී‍්‍ර ලාංකිකයන් රට තුළම රඳවා ගනිමින් දැනුම පදනම් කරගත් ආර්ථිකයක් කරා ගමන් කළ හැකි බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

හෝමාගම, පිටිපන නව තාක්‍ෂණික නගරයට මුල්ගල තැබීමේ අවස්ථාවට අද (22)පෙරවරුවේ එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.

“අමෙරිකාව අද බලවත් රටක් බවට පත්වී ඇත්තේ ඇයි. චීනයේ දළ දේශීය නිෂ්පාදිතය අමෙරිකාවට වඩා විශාල බව අමෙරිකාව පවා පිළිගන්නවා. දැනුම ඇති ඕනෑම පුද්ගලයෙකු අපගේ රටට ගන්නවා යන ප්‍රතිපත්තියෙහි ඔවුන් කටයුතු කරනවා. ඔවුන් ඉදිරියට යන්නේ ඒ නිසයි. දැනුම ඇති ශ්‍රී ලාංකිකයන් මෙරට රදවාගෙන නව්‍යෝත්පාදන ආයතන බිහිකර නව්‍යෝත්පාදන දියුණු කළ යුතුයි.

නව්‍යෝත්පාදනය ඉතා අසීරු කටයුත්තක් නොවේ. එය ආරම්භ කළ යුතුයි. ෆේස් බුක් වෙබ් අඩවියක් බිහිවේවි යැයි මීට වසර 10කට පෙර සිතුවාද.අප අලූත් විදියට සිතිය යුතුයි. රියදුරන් නැති වාහන අද තිබෙනවා. නොයෙක් අදහස් තිබෙනවා. මේ අදහස්වලින් සියයට දශම එකක් දියුණු වී පොහොසත් ධනවාදී සමාගම් බිහිවෙනවා. සෙසු යෝජනාත් අප රටේ දියුණුවට යොදා ගත හැකියි.” යනුවෙන් අගමැතිවරයා එහිදී සඳහන් කළා.