Friday, April 26, 2024

General line - 0115112241

ඖෂධ 30ක මිල අඩු කරන ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ සහනය අද සිට




මහාචාර්ය සේනක බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තිය අනුව යමින් ඖෂධ වර්ග 30 කට වැඩි සංඛ්‍යාවක මිළ අඩු කිරීමේ ක්‍රමවේදය අද ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ඒ අනුව උසස් ගුණයෙන් යුත් ඖෂධ අඩු මිළට ලබාගැනීමේ හැකියාව අද දිනයේ සිට ජනතාවට හිමිවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ශ්‍රී ලංකාවට ඖෂධ වර්ග 3000 ක් පමණ වාර්ෂිකව ආනයනය කෙරෙන අතර එම සියලූම ඖෂධ විශ්ලේෂණය කිරීම අසීරු කරුණක් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

සේනක බිබිලේ ප්‍රතිපත්තියේ සඳහන් වන්නේ අත්‍යවශ්‍ය ඖෂධ මිල අඩු කළ යුතු බවටයි.

මහාචාර්ය සේනක බිබිලේ ප්‍රතිපත්තිය අනුව යමින් ඔහුගේ ගුණ සැමරුම යෙදී ඇති අද දිනයේ ඖෂධ මිල අඩු කිරීම ප්‍රකාශයට පත් කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.