Friday, April 26, 2024

General line - 0115112241

විග්නේෂ්වරන්ගෙන් සිංහල බෞද්ධයන්ට පණිවිඩයක් (PHOTOS)




දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම පිණිස පවත්වන විරෝධතා දකුණේ සිංහල බෞද්ධ ජනතාව වරදවා වටහා නොගත යුතු බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් පවසනවා.

තම අයිතිවාසිකම් වෙනුවෙන් දෙමළ ජනතාව හඬ නැගීම සිංහල විරෝධයක් නොවන බවයි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

යාපනයේ අද පැවති ‘‘එළුග තමිල්’’ හෙවත් ‘‘දෙමළ ජනතාවනි නැගිටිවු’’ යන තේමාව ඔස්සේ සංවිධාන කර තිබූ විරෝධතාවට එක්වෙමින් සී. වී. විග්නේෂ්වරන් මේ බව කියා සිටියා.

මෙම විරෝධතාවයේ අරමුණ රට තුළ භීෂණයක් මවා පෙන්වා දෙමළ ජනතාවගේ අරමුණු මුදුන්පත් කර ගැනීමට උත්සහ දැරීමක් නොවන බව ද සී. වී. විග්නේෂ්වරන් මෙහි දී ප‍්‍රකාශ කළා.

eluga-tamil-www-nethnews-lk00001 eluga-tamil-www-nethnews-lk00002 eluga-tamil-www-nethnews-lk00003 eluga-tamil-www-nethnews-lk00004 eluga-tamil-www-nethnews-lk00005 eluga-tamil-www-nethnews-lk00006 eluga-tamil-www-nethnews-lk00007 eluga-tamil-www-nethnews-lk00008 eluga-tamil-www-nethnews-lk00009 eluga-tamil-www-nethnews-lk00010 eluga-tamil-www-nethnews-lk00011 eluga-tamil-www-nethnews-lk00012