Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව අනුශූරයන් වෙයි (UPDATE)




දකුණු කොරියාවේ පැවති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවනි අදියරේ අනුශූරතාව දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව අද (25) සමත් වුණා.

අවසන් මහ තරගයේදී ශී‍්‍ර ලංකාව පරාජය කරමින් හොංකොං කණ්ඩායම මෙවරත් ශූරතාව දිනා ගත්තා.

තරගයේ ලකුණු සටහන දැක්වුණේ 36 ට – බින්දුවක් ලෙසයි. ඉකුත්දා හොංකොංහි පැවති ආසියනු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ අනුශූරතාව දිනා ගත්තේ ශී‍්‍ර ලංකාවයි.

01 14466312_10210771605832565_1871292882_o


ශ්‍රී ලංකාව තවත් රග්බි කිරුළකට ලංවෙයි

(Sep 25, 2016 @ 11:33)

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු සත් සාමාජික් රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ‍්‍රී ලංකාව අද (25) සමත් වුණා.

ඒ, අවසන් පූර්ව තරගයේ දී සත්කාරක දකුණු කොරියාව ලකුණු 26 -10 ක් ලෙස පරාජයට පත් කරමින්.

ශ‍්‍රී ලංකාව එහි දී උත්සාහක දිනුම් 4 ක් වාර්තා කිරීමට සමත් වුණා.

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියරේ අවසන් මහා තරගය ශ‍්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම අතර අද (25) පැවැත්වීමට නියමිතයි.

එම තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.53 ට ආරම්භ වනවා.

14479627_10157541734285010_5897926762455816837_n

download

download-1