Friday, April 26, 2024

General line - 0115112241

සෙල්ලම ලෙල්ලම වී සිසුවා මරුට




ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 16 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මතුගම වැලිපැන්න ප‍්‍රදේශයේ මෙම සිද්ධිය ඇති වී තිබෙන්නේ අද (25) දහවල් කාලයේදීයි.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ තරුණයින් පිරිසක් වැලිපැන්න ප‍්‍රදේශයේ කි‍්‍රකට් කී‍්‍රඩා කරමින් සිටියදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් එහි සිටි අයෙකු විකට් කූරකින් අදාළ සිසුවාගේ හිසට පහරදී ඇති බවයි. තරගයේදී යවනු ලැබූ අතිරේක පන්දුවක් සම්බන්ධයෙන් මෙම මත ගැටුම හටගෙන තිබෙනවා.

ඉන් තුවාල ලැබූ සිසුවා රෝහල් ගත කෙරුනු අතර එහිදී ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා හයදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.