Friday, April 26, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවේ නව ගමනට නවසීලන්තයෙන් පැසසුම්




නව ව්‍යවස්ථා සම්පාදන කාර්යයේ දී ශ‍්‍රී ලංකාව දැනට නවසීලන්තයේ සාර්ථකව ක‍්‍රියාත්මක වන මිශ‍්‍ර අනුපාත ක‍්‍රමය පිළිබඳ අවධානය යොමු කර ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව කියා නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරයා ද සහභාගී වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.

ඒ අනුව නවසීලන්තයේ ක‍්‍රියාත්මක මිශ‍්‍ර අනුපාත ඡන්ද ක‍්‍රමය සම්බන්ධයෙන් ශ‍්‍රී ලාංකීය ව්‍යවස්ථා සම්පාදකයින් දැනුවත් කිරීමේ වැඩ සැලැස්මක් ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද දෙරටේ අග‍්‍රාමාත්‍යවරුන් මෙහි දී පෙන්වා දුන්නා.

මේ සඳහා ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට නවසීලන්තයේ අධ්‍යයන චාරිකාවක යෙදීමට සහ නවසීලන්ත මන්ත‍්‍රී කණ්ඩායමකට ශ‍්‍රී ලංකාවට පැමිණ වැඩමුළු කිහිපයක් සංවිධාන කිරීමට ද කටයුතු යොදනු ඇතැයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

මෙහි දී අදහස් දැක් වූ නවසීලන්ත අග‍්‍රාමාත්‍ය ජෝන් කී පැවසුවේ ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය ප‍්‍රතිසංස්කරණ ඇතුළු ජාතික සංහිඳියා වැඩපිළිවෙල නවසීලන්තයේ ඇගයීමට ලක්වන බවයි.

ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍යවරයා පිළි ගැනීම වෙනුවෙන් ඕක්ලන්ඞ් නුවර රාජ්‍ය මන්දිරයේ පැවති උත්සවයකින් පසු අග‍්‍රාමාත්‍යවරුන් දෙපළ ද්වීපාර්ශවික සාකච්ඡාවල නිරත වුණා.

ඒකාබද්ධ මාධ්‍ය හමුවකට අග‍්‍රාමාත්‍යවරුන් දෙපළ සහභාගී වූයේ ඉන් අනතුරුවයි.

b37a0890 b37a0897